Watch : විහිළුවට ද ගැහුවේ? කොහොම වුණත් ඒකනම් රින්කුට රිදුණා වගේ

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 48 වැනි තරගයෙන් අනතුරුව කුල්දීප් යාදව් විසින් විහිළුවට මෙන් රින්කු සිංගේ කම්මුලට පහරක් එල්ල කරන වීඩියෝ දර්ශනයක් මේ වන විට ලොව පුරා බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ අවධානය දිනා ගැනීමට සමත්ව ඇති බවක් දක්නට ලැබෙනවා.
කොල්කටා නයිට් රයිඩර්ස් හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර දිල්ලිහීදී මෙම තරගය පැවැති අතර, තරගයෙන් කොල්කටා පිලට ලකුණු 14 ක ජයක් හිමි වුණා.
තරගයෙන් පසුව දිල්ලි ක්‍රීඩක කුල්දීප් හා කොල්කටා ක්‍රීඩක රින්කු අතර යම් වචන හුවමාරුවක් සිදු වූ අතර, එම අවස්ථාවේදීයි කුල්දීප් විසින් මෙලෙස රින්කු සිංගේ කම්මුලට පහර දෙන්නේ.
පහර කෑමෙන් පසුව රින්කු සිං තරමක් කණස්සල්ලට පත්ව සිටින ආකාරයක් ද දැක ගත හැකියි.
දර්ශන පහතින් –
Funny banter or time for Shukla ji to mediate? What do you think of this incident between Kuldeep Yadav and Rinku Singh? pic.twitter.com/sSF3GI1Asg
— RCBIANS OFFICIAL (@RcbianOfficial) April 30, 2025
Even if he is younger/junior player it is wrong of Kuldeep Yadav to slap Rinku Singh pic.twitter.com/s1SdBu5LMF
— Srikanth (me & my parivar) (@JayaHoIndia) April 30, 2025