Ultimate magazine theme for WordPress.

Watch : ලකුණු 5 කට කඩුලු 7 ක් දැවී ගිය බංග්ලාදේශයට අමිහිරි පරාජයක්

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 77 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 49.2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 244 ක් රැස් කළා. චරිත් අසලංක ලකුණු 106 යි.

බංග්ලාදේශය පිළිතුරු ඉනිමේදී පන්දුවාර 35.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 167 ක් පමණයි.

ඔවුන් එක් අවස්ථාවක පන්දුවාර 16.2 ක් අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 99 ක් ලබා ප්‍රබල ස්ථානයක පසු වුණා.

කෙසේ වෙතත්, අනතුරුව ලකුණු 5 ක් තුළ ඔවුන්ගේ කඩුලු 7 ක් ද, ලකුණු 25 ක් තුළ කඩුලු 8ක් දැවී යාම කැපී පෙනුණා.

පන්දු යැවීමේදී වනිදු හසරංග කඩුලු 4 ක් දවා ගත් අතර, කමිදු මෙන්ඩිස් කඩුලු 3 ක් බිද හෙලුවා.