Watch : රචින්ගේ අනර්ඝ ඉනිම නැවතූ චරිත්ගේ විශිෂ්ඨ උඩ පන්දුව
ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක අද (8) සමත් වුණා.
විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් සිටි ආරම්භක පිතිකරු රචින් රවීන්ද්‍රගේ කඩුල්ල දවා ගැනීම සදහායි ඔහු එම උඩ පන්දුව රැක ගත්තේ.
වනිදු හසරංගගේ පන්දුවක් හමුවේ ඔහු දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 79 ක්. (දර්ශන පහතින්)
හැමිල්ටන්හීදී පැවැත්වෙන තරගයේ ආරම්භය වර්ෂාව හේතුවෙන් පැය දෙකහමාරක කාලයක් ප්‍රමාද වූ අතර, කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ. තරගය පන්දුවාර 37 කට සීමා කෙරුණා.
— cric sl (@cricslvideo) January 8, 2025