Watch : යුපුන් අවසන් තරගයට සුදුසුකම් ලැබූ අයුරු මෙන්න

එංගලන්තයේ බර්මිංහැම් හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ මීටර් සියය ධාවන ඉසව්වේ අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වුණා.
මීටර් සියය ඉසව්වේ තෙවැනි අවසන් පූර්ව වටයේ තරගයට එක් වූ ඔහු සිව්වැනි ස්ථානය හිමි කර ගනිමින් එම තරගය අවසන් කළා.
තරගය නිමා කිරීමට ඔහු ගත කළ කාලය තත්ත්පර 10.20 ක්.
අවසන් පූර්ව තරග තුනේ පළමු ස්ථාන දෙක හිමි කර ගත් ක්‍රීඩකයින් 6 දෙනා සෘජුවම අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර, හොදම කාලයන් වාර්තා කළ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ද අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව හිමි වුණා.
ඒ අනුවයි යුපුන් අබේකෝන්ට ද අවසන් තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව උදා වුණේ.
අවසන් තරගය මෙරට වේලාවෙන් අද (4) අලුයම 2 ට පැවැත්වීමට නියමිතයි.
Yupun Abekoon finished fourth in the 3rd semi finals of the 100 meters at Commonwealth Games and qualified for finals. #CommonwealthGames2022 #YupunAbeykoon #Birmingham2022 pic.twitter.com/ut7By6o6Xq
— ⚡ Bee⚡ (@Bee_Hi123) August 3, 2022
Commonwealth Games Men’s 100m – Semi-Final 3
Yupun Abeykoon goes to the final as the last qualifier by 0.04 seconds.
Final at 2 am Sri Lankan time today.#LKA #CommonwealthGames2022 #YupunAbeykoon pic.twitter.com/UTgc4hpiMd
— Kimbula Bunis 🥐 (@PO5IT1VE) August 3, 2022