Watch : මෙන්ඩිස් බෝල්ට්ට පිට පිට ගහපු සුපිරි හයේ පහරවල් දෙක

මෙවර අයි.පී.එල් තරගාවලියේ අවසන් වටයේ දෙවැනි තරගයේදී අයි.පී.එල් වරම් දිනූ ගුජරාට් ටයිටන්ස් පිලේ ශ්‍රී ලංකා ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මුම්බායි ඉන්දියන්ස් වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට්ට එරෙහිව පිට පිට හයේ පහර දෙකක් එල්ල කිරීමට සමත් වීම බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයක් දිනූ සිදු වීමක් බවට පත් වුණා.
New Chandigarh හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි පිල කඩුලු 5 ක් දැවී ලකුණු 228 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් කණ්ඩායමට කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 208 ක් පමණයි.
මෙන්ඩිස් පන්දු 10 කින් හයේ පහර 2ක් හා හතරේ පහරක් සමග ලකුණු 20 ක් ලබා සිටියදී හිට් විකට් දැවී යාමකට හසු වුණා.
ඔහු ට්‍රෙන්ට් බෝල්ට්ට එරෙහිව පිට පිට එල්ල කළ හයේ පහර දෙකෙන් දෙවැනි හයේ පහරේ දිග සටහන් වුණේ මීටර් 99 ක් ලෙසයි.
දර්ශන පහතින් –
— cric sl (@cricslvideo) May 30, 2025