Watch : මංගල BBL තරගයේදී පුත්‍රයාට වැදුණු හයේ පහර පියාගේ දෑතින් රැක ගත් හැටි
මෙවර බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(11) පැවැති තරගාවලියේ 31 වැනි තරගයේදී ඉතාමත් විරල අපූර්ව සිදු වීමක් දක්නට ලැබුණා.
මෙම තරගය ඇඩිලේඩ්හීදී පැවැත්වුණේ ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම හා බ්‍රිස්බේන් හීට් කණ්ඩායම අතරයි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇඩිලේඩ් කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 251 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බ්‍රිස්බේන් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 195 ක් පමණයි. ඒ අනුව ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට ලකුණු 56 ක ජයක් හිමි වුණා.
මෙම තරගයේදී ඇඩිලේඩ් පිල වෙනුවෙන් BBL වරම් හිමි කර ගැනීමට වේග පන්දු යවන ක්‍රීඩක Liam Haskett සමත් වුණා. ඔහු කඩුලු දෙකක් දවා ගත්තේ පන්දුවාර 3කදී ලකුණු 43 ක් ලබා දෙමින්.
ඔහුට එරෙහිව නේදන් මැක්ස්වීනි එල්ල කළ හයේ පහරකින් පසුව පන්දුව ප්‍රේක්ෂකාගාරය වෙත ඇදී ගිය අතර, එය උඩ පන්දුවක් ලෙස තරගය නැරඹීමට පැමිණ සිටි ප්‍රේක්ෂකයෙකු විසින් රැක ගත්තා.
විශේෂත්වය වූයේ එම ප්‍රේක්ෂකයා අන් කවරෙකුවත් නොව පන්දුව යොමු කළ Liam Haskett ගේ පියා වීමයි.
දර්ශන පහතින් –
No way!
Liam Haskett got hit for six by Nathan McSweeney. The guy in the crowd that caught the catch?
His DAD 😆 #BBL14 pic.twitter.com/qyVVGXNGxt
— KFC Big Bash League (@BBL) January 11, 2025