Watch : මංගල ටෙස්ට් ද්විත්ව ශතකය අභියස පැතුම් දැවී ගිය හැටි

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකය අද(19) අවාසනාවන්ත ලෙස අහිමි වුණා.
ඒ, බංග්ලාදේශය සමග ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද දිනයේදී ඔහු ලකුණු 187 කට දැවී යාමත් සමගයි.
ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් පන්දු 256 කින් ඔහු වාර්තා කළ සුපිරි ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 23 ක් ඇතුළත්.
ඉනිමේ දෙවැනි නව පන්දුව ලබා ගැනීමෙන් පසුව යොමු කළ තෙවැනි පන්දුවේදීයි පැතුම් දැවී ගියේ. ඒ, හසාන් මහ්මුද් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.
— cric sl (@cricslvideo) June 19, 2025