Watch : පිට පිට කඩුලු 3 ක් දවා ගනිමින් ටිම් සවුති මාලිංගගේ ලෝක වාර්තාව සම කරයි
නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති 20යි 20 ජාත්‍යන්තර පිටියේ දී සිය දෙවැනි කඩුලු ත්‍රිත්වය බිද හෙලීමට අද(20) සමත් වුණා.
ඒ, ඉන්දියාව සමග නවසීලන්තයේ Mount Maunganui හී දී අද ආරම්භ වූ දෙවැනි 20යි 20 තරගයේ දී යි.
තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 191 ක් ලබා ගනිමින්.
ඉන්දීය ඉනිමේ අවසන් පන්දුවාර 4 තුළ දී ලකුණු 62 ක් වාර්තා වීම කැපී පෙනුණා.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ සූර්යකුමාර් යාදව් සිය දෙවැනි ජාත්‍යන්තර 20යි 20 ශතකය වාර්තා කරමින් නොදැවී ලකුණු 111 ක් ලබා ගත්තා. ඒ පන්දු 51 ක් පමණක් වැය කරමින්. හයේ පහර 7 කින් හා හතරේ පහර 11 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.
පන්දු යැවීමේ දී ටිම් සවුති ලකුණු 34 කට කඩුලු 3 ක් බිද හෙලුවා.
ඔහු එම කඩුලු තුනම බිද හෙලුවේ ඉන්දීය ඉනිමේ අවසන් පන්දුවාරයේ දී පිට පිට පන්දු තුනක් තුළදීයි.
එහිදී දැවී ගියේ ඉන්දීය නායක හර්ඩික් පාන්ඩ්යා (13), දීපක් හූදා(0) හා වොෂින්ටන් සුන්දර්(0) යන පිතිකරුවන්.
20යි 20 ජාත්‍යන්තර පිටියේ දී කඩුලු ත්‍රිත්වයන් ද්විත්වයක් දවා ගත් දෙවැනි පන්දු යවන්නා ලෙසයි සවුති ඉතිහාසයට එක් වුණේ.
මීට පෙර එවැනි දක්ෂතාවයක් දක්වා තිබුණේ ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පමණයි.
ටිම් සවුති කඩුලු ත්‍රිත්වය දවා ගත් අයුරු පහතින් නරඹන්න –
Tim Southee Hat Trick #INDvsNZ#SuryakumarYadav pic.twitter.com/v6tY1BE2RM
— Cricket Compare (@compare_cricket) November 20, 2022