Watch : පාදයෙන් පැතුම්ගේ උඩ පන්දුව බිම දාපු හැටි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(19).
අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 9ක් දැවී ලකුණු 484 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 495 ක්.
අනතුරුව ශ්‍රී ලංකාව පළමු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසියා. එහිදී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කරමින් සිය තෙවැනි ටෙස්ට් ශතකය රැස් කිරීමට සමත් වුණා.
ඔහු ලකුණු 161 ක් ලබා සිටියදී ස්ලිප් ක්‍රීඩකයා වෙත උඩ පන්දුවක් ලබා දුන් නමුත්, එය කඩුලු රකින ක්‍රීඩක ලිටොන් දාස්ගේ පාදයක් එසවීම නිසා පාදයේ වැදී පන්දුව බිද වැටීම කැපී පෙනුණා.
— cric sl (@cricslvideo) June 19, 2025