Ultimate magazine theme for WordPress.

Watch : ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට පැමිණි පිරිසක් හේතුවෙන් දඹුල්ලේ උණුසුම් තත්ත්වයක්

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය නැරඹීම සදහා ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට පැමිණි පිරිසක් හේතුවෙන් දඹුල්ල ක්‍රීඩාංගනය ආසන්නයේ යම් උණුසුම් තත්ත්වයක් අද(19) හට ගත්තා.

තරගාවලියේ අවසන් තරග දෙක සදහා වන ප්‍රවේශ පත්‍ර අලෙවි වී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙර නිවේදනය කර සිටියා.

ඒ හේතුවෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම සදහා ප්‍රවේශ පත්‍ර කවුළු වෙතට නොපැමිණෙන ලෙසයි ක්‍රිකට් ආයතනය ප්‍රේක්ෂකයින්ට දැනුම් දී තිබුණේ.

කෙසේ වෙතත්, එවැනි පසුබිමක අද දිනයේ දී ප්‍රේක්ෂකයින් විශාල පිරිසක් දෙවැනි තරගය නැරඹීම සදහා ප්‍රවේශ පත්‍ර ඉල්ලමින් ක්‍රීඩාංගනය අසලට පැමිණ සිටියා.

එහිදී යම් උණුසුම් තත්ත්වයක් ද හට ගත් අතර, තත්ත්වය පාලනයට පොලීසියට ද මැදිහත් වීමට සිදු වුණා. (දර්ශන පහතින්)