Watch : පළමු පන්දුවාරයෙන්ම ඩාස් යළි දැවී ගිය හැටි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද(15) දහවල් චිතගොං හී දී ආරම්භ වුණා.
මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබා දීමටයි පියවර ගත්තේ.
කෙසේ වෙතත්, පළමු තරගයේ දී මෙන්ම දෙවැනි තරගයේ දී ද සාර්ථක ආරම්භයක් බංග්ලාදේශයට ලබා ගැනීමට ඩිල්ෂාන් මදුෂංක ඉඩ ලබා දුන්නේ නැහැ.
ඒ, තරගයේ පළමු පන්දුවාරයේ තෙවැනි පන්දුවෙන්ම යළිත් වරක් ලිටොන් දාස් ලකුණු බින්දුවකට දවා ගනිමින්.
දුනිත් වෙල්ලාගේ අතට උඩ පන්දුවක් ලබා දීමෙනුයි ඔහු දැවී ගියේ.
දර්ශන පහතින් –
— cric sl (@cricslvideo) March 15, 2024