Watch : පන්දුවක් වැදී කැඩී ගිය පිත්ත වෝනර්ගේ හිසේ වැදුණු හැටි
බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 29 වැනි තරගයේදී අපුර්ව සිදු වීමකට මුහුණ දීමට සිඩ්නි තන්ඩර් කණ්ඩායමේ නායක ඩේවිඩ් වෝනර්ට අද(10) සිදු වුණා.
හෝබාර්ට්හීදී පැවැති තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ හෝබාර්ට් හරිකේන්ස් කණ්ඩායමයි.
පළමුව පන්දුවට පහරදුන් තන්ඩර් කණ්ඩායම කඩුලු හයක් දැවී ලකුණු 164 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හරිකේන්ස් පිල කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 16.5 ක් අවසානයේදීයි.
සිඩ්නි තන්ඩර් ඉනිම අතරවාරයේ පන්දුවට පහර දෙමින් සිටියදී වෝනර්ගේ පිත්ත එක් අවස්ථාවක පන්දුවක් වැදීමෙන් කැඩී යාම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට පත් වුණා.
විශේෂත්වය වූයේ පිත්ත කැඩී යාමෙන් අනතුරුව ඔහුගේ පාලනයෙන් ගිලිහුණු පිත්තේ කොටසක් වෝනර්ගේ හිසෙහි පිටුපස ප්‍රදේශයේ වැදීමයි.
මෙම තරගයේදී වෝනර් පන්දු 66 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 88 ක්. ඒ, හතරේ පහර 7ක් ද සමගින්.