Ultimate magazine theme for WordPress.

Watch : නරඹන්නන් මවිත කර වූ සුදර්සන්ගේ ‘no look’ හයේ පහර

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 60 වැනි තරගයේදී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් අලංකාර හයේ පහරක් (no look six) එල්ල කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු සායි සුදර්සන් සමත් වුණා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග දිල්ලිහීදී පැවැති තරගයෙන් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් ද හිමි කර ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් දිල්ලිය කඩුලු 3 ක් දැවී ලකුණු 199 ක් ලබා ගත් අතර, ටයිටන්ස් පිල පන්දුවාර 19 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සුදර්සන් ලකුණු 108 ක් පන්දු 61 කින් නොදැවී රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 12 ක් සමගින්. ෂුබ්මන් ගිල් නොදැවී ලකුණු 93 යි.

සුදර්සන් එල්ල කළ no look හයේ පහරේ දිග සටහන් වුණේ මීටර් 82 ක් ලෙසයි.