Watch : දුනිත්ගේ ඉනිම නැවතූ ස්මිත්ගේ සුපිරි උඩ පන්දුව

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර අද(12) පෙරවරුවේදි කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ පළමු එක්දින ක්‍රිකට් තරගයේදී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස දුනිත් වෙල්ලාලගේ දවා ගැනීම සදහායි ඔහු මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.
මැතිව් ශෝර්ට්ගේ පන්දුවක් හමුවේ දුනිත් දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 30(34) ක්.
ස්ලිප්හි පන්දු රකිමින් සිටි ස්මිත් තනි අතින් මෙම විශිෂ්ඨ උඩ පන්දුව රැක ගත් අතර, ඒ අනුව 6 වැනි කඩුල්ල වෙනුවෙන් චරිත් අසලංක හා දුනිත් අතර ගොඩ නැගුණු වටිනා ලකුණු 67 (69)ක සම්බන්ධතාවය ද මෙම උඩ පන්දුවත් සමග බිද වැටුණා.
දර්ශන පහතින් –
Just try and stop him! #SLvAUS pic.twitter.com/Nxy8HKIAQa
— cricket.com.au (@cricketcomau) February 12, 2025
— cric sl (@cricslvideo) February 12, 2025