Ultimate magazine theme for WordPress.

Watch : තරගය උඩි යටිකුරු කළ ඒෂාන් මාලිංගගේ සුපිරි පන්දුවාරය

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 65 වැනි තරගයේදී විශිෂ්ඨ පන්දුවාරයක් යොමු කිරීමට සන්රයිසස් හයිදරාබාද් වේග පන්දු යවන ක්‍රීඩක ඒෂාන් මාලිංග අද(23) සමත් වුණා.

ලක්නව්හි පැවැති මෙම තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමයි.

පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 231 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ RCB පිලට පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 189 ක් පමණයි.

පන්දු යැවීමේදී මාලිංග පන්දුවාර 4 තුළදී ලකුණු 37 කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුණා.

ඊට අමතරව ඔහු විසින් රාජත් පටිදර්ව දුවද්දී දවා ගැනීමට දැක් වූ විශිෂ්ඨ පන්දු රැකීම ද බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තා.

ඉනිමේ 16 වැනි පන්දුවාරය ආරම්භ වීමට පෙර බැංගලූරු පිලට තරගය ජය ගැනීම සදහා පන්දු 30 කින් අවශ්‍ය වුණේ කඩුලු 7 ක් අතැතිව ලකුණු 65 ක් පමණයි.

කෙසේ වෙතත්, 16 වැනි පන්දුවාරය තරගයේ හැරවුම් ලක්ෂයක් බවට පත් වූ අතර,  ඒෂාන් මාලිංග එම පන්දුවාරයේදී ලකුණු 7 ක් පමණක් ලබා දී පටිදර්ගේ දුවද්දී දවා ගැනීම ද සහිතව එම පන්දුවාරයේදී කඩුලු දෙකක් සිය කණ්ඩායමට ලබා දීම කැපී පෙනුණා.

දර්ශන පහතින් –