Ultimate magazine theme for WordPress.

Watch : තණතීරුව පාරාවළල්ලක් වෙයි ; දිවා ආහාරයට පෙර ඉන්දියාවේ කඩුලු 7 ක් දැවී යයි

Lunch Report

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 4 කින් යුත් බෝර්ඩර්-ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය අද (1) ඉන්දෝර් හී දී අරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ෂර්මා පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 7 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 84 ක්.

ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 27 කට සීමා කරමින් නායක රෝහිත් ෂර්මා ලකුණු 12 කට දැවී ගියේ මැතිව් කුහ්නෙමන්ගේ පන්දුවක් හමුවේයි.

අනතුරුව ෂුම්බන් ගිල් ලකුණු 21 කට දවා ගැනීමට ද කුහ්නෙමන් සමත් වුණා.

චෙටස්වර් පුජාරා එක් ලකුණකටත්, රවීන්ද්‍ර ජඩේජා ලකුණු 4කටත්, ෂ්රෙයස් අයියර් ලකුණු නොලබාත්, විරාත් කෝලි ලකුණු 22 කටත්, කේ එස් භාරත් ලකුණු 17 කටත් දැවී ගියා.

අක්සාර් පටෙල් ලකුණු 6 ක් හා ආර් අශ්වින් එක් ලකුණක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී මැතිව් කුහ්නෙමන් ලකුණු 14 කට කඩුලු 3 ක් හා නේදන් ලයන් ලකුණු 23 කට කඩුලු 3 ක් බිද හෙලුවා. ටොඩ් මර්ෆි ලකුණු 12 කට එක් කඩුල්ලක් දවා ගත්තා.

කඩුලු 7 දැවී ගිය අයුරු පහතින් නරඹන්න –