Ultimate magazine theme for WordPress.

Watch : චරිත්ගේ සුපිරි ශතකයට ඇතුළත් වූ හයේ පහර 5

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේදී සුපිරි ශතකයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක අද(12) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් සියලු දෙනා දැවී පන්දුවාර 46 ක් අවසානයේ ලබා ගත්තේ ලකුණු 214 ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ 4 වැනි කඩුල්ල ලකුණු 31 දීත්, 5 වැනි කඩුල්ල ලකුණු 55 දීත්, 8 වැනි කඩුල්ල ලකුණු 135 දීත් බිද වැටුණු පසුබිමක සටන්කාමී හුදෙකලා ඉනිමක් දියත් කළ නායක අසලංක පන්දු 126 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 127 ක්.

හයේ පහර 5 ක් හා හතරේ පහර 14 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.