Ultimate magazine theme for WordPress.

Watch : චමරිගේ තුන් ඉරියව් දක්ෂතා සිඩ්නි පිලට ජය ගෙන ආ හැටි

ADVERTISEMENT

චමරි අතපත්තුගේ තුන් ඉරියව් දක්ෂතා හමුවේ මෙවර කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 44 වැනි තරගයෙන් පර්ත් ස්කෝචර්ස් කණ්ඩායම පරදා කඩුලු 9ක ජයක් වාර්තා කිරීමට සිඩ්නි තන්ඩර් කණ්ඩායම අද(18) සමත් වුණා.

සිඩ්නි හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පර්ත් කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලකුණු 116 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිඩ්නි කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 23 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුල්ලක් දැවී සිටියදීයි.

චමරි පන්දු 53 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 77 ක්. හයේ පහර 3ක් හා හතරේ පහර 10 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා.

මෙය ඇය මෙවර තරගාවලියේ දී වාර්තා කළ 5 වැනි අර්ධ ශතකයයි.

පළමුව පන්දුවට පහරදුන් පර්ත් ස්කෝචර්ස් ඉනිමේ දී චමරි පන්දු යැවීමෙන් ලකුණු 23 කට කඩුලු 2ක් දවා ගැනීමට ද සමත් වුණා.

තරගයේ විශේෂ අවස්ථා පහතින් නරඹන්න –

Leave a comment