Ultimate magazine theme for WordPress.

Watch : ඝන මීදුමකින් ඉන්දු-නවසීලන්ත ලෝක කුසලාන තරගයට බාධා

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 21 වැනි තරගයට අද(22) ඝන මිදුම් තත්ත්වයකින් බලපෑම් එල්ල වුණා.

මෙම තරගය ධරම්ශාලා හී දී අද පස්වරුවේ ආරම්භ වූයේ සත්කාරක ඉන්දීය කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය පන්දුවාර 50 තුළ සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 273 ක්.

නවසීලන්ත පිළිතුරු ඉනිමේ 15 වැනි පන්දුවාරයේ දී පමණ තරගයට මීදුම් තත්ත්වයෙන් බලපෑම් එල්ල වුණා.

කෙසේ වෙතත්, විනිසුරුවරුන් තරගය අඛන්ඩව පවත්වාගෙන යාමට පළමුව තීරණය කළ නමුත්, 16 වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුව යොමු කිරීමෙන් අනතුරුව තරගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළා.

මිනිත්තු 15 ක පමණ කාලයක් තරගය එලෙස අත්හිටුවා තිබූ අතර, අනතුරුව කාළගුණ තත්ත්වය යහපත් අතට හැරීම හේතුවෙන් තරගය යළි ආරම්භ කෙරුණා.