Watch : ගිලිහී ගිය ක්‍රිකට් ඉතිහාසයේ පහසුම දුවද්දී දවා ගැනීමේ අවස්ථාව මෙන්න

ක්‍රිකට් ඉතිහාසයේ කිසිදා දැකිය නොහැකි තරමේ විරල හා හාස්‍යජනක සිදු වීමකට අදාළ වීඩියෝවක් වෙත මේ වන විට ලොව පුරා බොහෝ ක්‍රීඩාලෝලීන්ගේ අවධානය යොමුව තිබෙනවා.
Maharashtra Premier League තරගාවලියේ Eliminator තරගය Raigad Royals හා Kolhapur Tuskers අතර පැවැති අතර, එම තරගයේදීයි මෙම සිදුවීම දැක ගත හැකි වුණේ.
පිතිකරුවන් දෙදෙනෙකු ලකුණු දෙකක් කරා පැති මාරු කර ගනිමින් සිටි අතර, දෙවන ලකුණ කරා දුවමින් සිටියදී පිතිකරුවන් දෙදෙනා එකිනෙකා ගැටීමක් සිදු වුණා.
අනතුරුව ඔවුන් දෙදෙනාම බිම ඇද වැටීම නිසා පහසුවෙන්ම දුවද්දී දවා ගැනීමක් ලබා ගැනීමට පන්දු යවන කණ්ඩායමට අවස්ථාව උදා වුණා.
නමුත්, කඩුලු රකින්නා විසින් සිය අන්තයේ කඩුල්ල බිද නොදමා පන්දුව පන්දු යවන අන්තයට යොමු කළ අතර, එහිදී පන්දු යවන්නට පන්දුව නිසි පරිදි ග්‍රහනය කර ගැනීමට නොහැකි වනවා.
පසුව රාහුල් ත්‍රිපාති විසින් පන්දුව රැක ගෙන පිතිකරණ අන්තයේ කඩුල්ල වෙත පන්දුව විසි කළ නමුත්, එම කඩුල්ලේ ද පන්දුව නොවැදීම නිසා පිතිකරුවන් දෙදෙනාම තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමට වාසනාවන්ත වුණා.
Cricket, you absolute beast!
Run out chance.
Both Batters collide.
Keeper too smart.
Fielder too smart.
Nobody gets run out.Mad game of stupid things! 😂 😂 😂 pic.twitter.com/HyK035hWcv
— Nikhil 🏏 (@CricCrazyNIKS) June 20, 2025