Ultimate magazine theme for WordPress.

Watch : ක්‍රීඩාංගනයෙන් ඉවතට යන්න සිරාජ්ට සෝල්ට් ගහපු සුපිරි හයේ පහර

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සම දිගම හයේ පහර එල්ල කිරීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායමේ ආරම්භක පිතිකරු පිල් සෝල්ට් අද(2) සමත් වුණා.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග බැංගලූරුහීදී ආරම්භ වූ 14 වැනි තරගයේදීයි ඔහු එම දැවැන්ත හයේ පහර එල්ල කළේ

මොහමඩ් සිරාජ්ට එරෙහිව ඔහු එල්ල කළ හයේ පහරේ දිග සටහන් වූයේ මීටර් 105 ක් ලෙසයි. එම අවස්ථාවේදී පන්දුව ක්‍රීඩාංගනයේ වහල මතට ඇදී යාම ද කැපී පෙනුණා.

මීට පෙර සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ ට්‍රැවිස් හෙඩ් ද මෙවර තරගාවලියේදී මීටර් 105 ක දුරකින් යුත් හයේ පහරක් එල්ල කර තිබුණා.

මේ අතර, මීටර් 105 ක දැවැන්ත හයේ පහර එල්ල කිරීමෙන් පසුව යොමු කෙරුණු පළමු පන්දුවෙන්ම සෝල්ට් දැවී යාම ද කැපී පෙනුණා. සිරාජ්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි ඔහු දැවී ගියේ.