Watch : කවීෂා දිල්හාරි රැක ගත් සුපිරි උඩ පන්දුව

ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගයේ විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකා කවීෂා දිල්හාරි අද(24) සමත් වුණා.
දඹුල්ලේ දී ආරම්භ වූ මෙම තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් වූයේ තායිලන්තයයි. තරගයේ කාසියේ වාසිය දිනූ තායිලන්තය පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
තායිලන්ත ඉනිමේ 3 වැනි කඩුල්ල ලෙස Phannita Maya ලකුණු දෙකකට දවා ගැනීම සදහායි කවීෂා දිල්හාරි විසින් විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගත්තේ.
තායිලන්ත ඉනිමේ තෙවැනි කඩුල්ල දැවී යන විට මුළු ලකුණු සංඛ්‍යාව සටහන්ව තිබුණේ පන්දුවාර 9.4 ක් තුළ ලකුණු 38 ක් ලෙසයි.
දර්ශන පහතින් –
— cric sl (@cricslvideo) July 24, 2024