Watch : ඉන්දු-ඔස්ට්‍රේලියා තරගය අතරතුර ක්‍රීඩාංගනයට කඩා වැදුණු Jarvo ට වැඩ වරදියි

තරග අතරතුර දී ක්‍රීඩාංගන තුළට කඩා වදින්නෙකු ලෙස ප්‍රකට Daniel Jarvis හෙවත් Jarvo ට මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග නැරඹීම තහනම් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.
ඒ, අද(8) චෙන්නායි දී ආරම්භ වූ ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර තරගය අතරතුර දී Daniel Jarvis ආරක්ෂක සීමා බිද දමමින් ක්‍රීඩාංගනය තුළට කඩා වැදීමේ සිද්ධියත් සමගයි.
තරගය සදහා ඉන්දීය ක්‍රීඩකයින් ක්‍රීඩාංගනය තුළට පැමිණ සුළු වේලාවකින් ඔහු එලෙස ක්‍රීඩාංගනයට කඩා වැදී තිබුණා.
එහිදී ඔහු ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලි ආසන්නයට ළගා වන අයුරුද දක්නට ලැබුණා.
කෙසේ වෙතත්, පසුව ආරක්ෂක නිලධාරීන් විසින් ඔහුව ක්‍රීඩාංගනයෙන් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබුවා.
Jarvo invading the field during the India Vs Australia match. pic.twitter.com/eJJrTT3fZp
— Mufaddal Vohra (@mufaddal_vohra) October 10, 2023
The chat between Virat Kohli and Jarvo.pic.twitter.com/MWLk3BnF4v
— Mufaddal Vohra (@mufaddal_vohra) October 8, 2023