Watch : ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකාව බලා පිටත්ව එයි
ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගී වීමේ අරමුණින් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසක් අද(22) ශ්‍රී ලංකාව වෙත පැමිණීම සදහා ඇෆ්ඝනිස්තානයේ කාබුල් නුවරින් පිටත්ව ගොස් තිබෙනවා.
එක්දින තරගාවලිය ආරම්භ වීමට පෙර ඔවුන් මෙරට දී සතියක පුහුණු කදවුරකට එක්වීමට නියමිත බවයි ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
හෂ්මටුල්ලාහ් ශහිඩිගේ නායකත්වයෙන් යුත් ඇෆ්ඝනිස්තාන සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.
මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක අබ්දුල් රහ්මාන් ද සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
ශ්‍රී ලංකාව සමග පසුගිය නොවැම්බර් මාසයේ පැවැති එක්දින තරගාවලිය සදහා වූ සංචිතයට ඇතුළත් වූ ගුල්බදීන් නයිබ්, ශහිදුල්ලාහ් කමාල්, යමින් අහ්මඩ්සායි හා රහ්මන් අක්බාර් අතිරේක ක්‍රීඩකයින් ලෙස මෙවර නම් කර තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරයේ දී දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ සියලු තරග දිවා තරග ලෙස හම්බන්තොට දී පැවැත්වීමට නියමිතයි.
ජූනි දෙවැනිදා පළමු එක්දින තරගය ද, ජූනි 4 වැනිදා දෙවැනි එක්දින තරගය ද, ජූනි 7 වැනිදා අවසන් එක්දින තරගය ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
📹: AfghanAtalan left Kabul to Sri Lanka this afternoon to feature in a three-match ODI series early in June. #AfghanAtalan | #SLvAFG2023 pic.twitter.com/honBCovq62
— Afghanistan Cricket Board (@ACBofficials) May 22, 2023