Ultimate magazine theme for WordPress.

Watch : ආකාශ් දීප් පිට පිට පන්දු දෙකකින් එංගලන්ත මුල් පෙල වැනසූ හැටි

එංගලන්තය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද දිනයේදී පිට පිට පන්දු දෙකකදී එංගලන්ත පළමු ඉනිමේ පළමු කඩුලු දෙක දවා ගැනීමට ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ආකාශ් දීප් සමත් වුණා.

බර්මිංහැම්හීදී පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 587 ක් ලබා ගත්තා. නායක ෂුබ්මන් ගිල් ලකුණු 269 යි.

එංගලන්ත පිළිතුරු ඉනිමේ පළමු කඩුල්ල ලෙස බෙන් ඩකට් ලකුණු බින්දුවකටත්, දෙවැනි කඩුල්ල ලෙස ඔලී පෝප් පළමු පන්දුවෙනුත් දැවී ගියා.

ඉනිමේ තෙවැනි පන්දුවාරයේදී ආකාශ් දීප්ගේ පන්දු දෙකක් හමුවේ ස්ලිප් ක්‍රීඩකයින් අතට උඩ පන්දු ලබා දීමෙනුයි එම කඩුලු දෙකම බිද වැටුණේ.

දර්ශන පහතින් –