Ultimate magazine theme for WordPress.

Watch : අවසන් පන්දුවාරයේ අනපේක්ෂිත කඩුලු 5 තස්මේනියාවට නොසිතූ ජයක් ගෙන ආ හැටි

දකුණු ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ එක් ලකුණකින් පරාජයට පත් කරමින් ඔස්ට්‍රේලියාවේ පැවැති කාන්තා ජාතික ක්‍රිකට් ලීග් (Women’s National Cricket League) තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට තස්මේනියා කාන්තා කණ්ඩායම සමත් වුණා.

හෝබාර්ට් හි පැවැති අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් තස්මේනියා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 264 ක් ලබා ගත් නමුත්, වර්ෂාවෙන් තරගයට සිදු වූ බලපෑම හේතුවෙන් දකුණු ඔස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 47 කදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ජයග්‍රහනය සදහා හිමි වූ ඉලක්කය ලකුණු 243 ක්.

අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීම සදහා ඔවුන්ට ලබා ගත යුතු වූයේ කඩුලු 5 ක් අතැතිව ලකුණු 4 ක් පමණයි.

කෙසේ ‌වෙතත්, Sarah Coyte යොමු කළ තරගයේ අවසන් පන්දුවාරයේ දී කඩුලු 5 ක් දැවී ගිය අතර, දකුණු ඔස්ට්‍රේලියා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 2ක් පමණයි.

එම පන්දුවාරයේ පළමු පන්දුවට Annie O’Neil දැවී ගිය අතර, Jemma Barsby දැවී ගියේ එම පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී යි.

එම අවස්ථාවේ දී දකුණු ඔස්ට්‍රේලියා පිලට ජයග්‍රහනය සදහා පන්දු 3කදී ලකුණු 3ක් අවශ්‍ය වුණා.

නමුත්, සිව්වැනි පන්දුවේ දී Amanda-Jade Wellington දුවද්දී දැවී ගිය අතර, 5 වැනි පන්දුවේ දී Ella Wilson කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී ගියා.

ඒ අනුව අවසන් පන්දුවේ දී ජයග්‍රහනයට ලකුණු 3ක් අවශ්‍ය වූ නමුත්, දකුණු ඔස්ට්‍රේලියා කණ්ඩායම එම පන්දුවේ දී එක් ලකුණක් පමණක් ලබා ගත්තා. එම පන්දුවේ දී ද Anesu Mushangwe දුවද්දී දැවී ගියේ අවසන් පන්දුවාරයේ දී වාර්තා වූ පස්වැනි කඩුල්ල ලෙසයි.

Sarah Coyte මෙම ඉනිමේ දී ලකුණු 30 කට කඩුලු 4 ක් දවා ගත්තා.

අවසන් පන්දුවාරයේ දර්ශන පහතින් නරඹන්න –