Watch : අභිෂේක්ගේ හයේ පහරින් කුඩු වූ මෝටර් රථය

මේවන විට ලක්නව් හීදී පැවැත්වෙන Royal Challengers Bengaluru කණ්ඩායම සහ Sunrises Hyderabad කණ්ඩායම අතර තරගයෙදී අභිශේක් ශර්මා එල්ල කල හයේ පහරක් බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගැනීමට සමත්ව තිබෙනවා.
එයට හේතුව වුයේ බුවනේෂ්වර් කුමාර් යොමු කල පන්දුවකට අභිශේක් ශර්මා එල්ල කල මීටර් 72 ක් පමණ දුරක් වු මෙම හයේ පහර ක්‍රීඩාංගනයේ ප්‍රදර්ශනය කර තිබූ සුපිරි මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවක ගැටීම නිසයි.
එහිදී මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවේ කොටසකට හානීවීමක් සිදුවුනා.
මෙවර IPL තරගාවලිය තුළ මෙම මෝටර් රථයට පිතිකරුවකු එල්ල කල පහරකින් හානී සිදු වූ දෙවන අවස්ථාව මෙයයි.
— cric sl (@cricslvideo) May 23, 2025