Watch : අධික රථ වාහන තදබදය නිසා එංගලන්ත ක්‍රීඩකයින් පාපැදියෙන් ක්‍රීඩාංගනයට ආ හැටි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයට ලන්ඩන් නුවර පැවැති අධික රථවාහන තදබදයෙන් ඊයේ(3) බලපෑම් එල්ල වුණා.
ඒ හේතුවෙන් තරගයේ ආරම්භය ද ප්‍රමාද වූ අතර, එංගලන්ත ක්‍රීඩකයින්ට කණ්ඩායම් බස් රථය වෙනුවට පාපැදි භාවිතා කරමින් ක්‍රීඩාංගනයට පැමිණීමට සිදු වීම විශේෂත්වයක්.
රථවාහන ආලෝක සංඥා බිඳ වැටීමක් සහ පාලමක් වසා දැමීම හේතුවෙන් මෙලෙස දැඩි රථ වාහන තදබදයක් නිර්මාණය වී තිබූ බව සදහන්.
ඒ අනුව අදාළ තරගයේ කාසියේ වාසිය උරගා බැලීම මිනිත්තු 40 කින් ප්‍රමාද කිරීමට සිදු වුණා.
ක්‍රීඩකයින් පාපැදිවලින් ක්‍රීඩාංගනයට පැමිණි දර්ශන කිහිපයක් පහතින් නරඹන්න –
🚴♂️ England's cricket team found a stylish way to dodge London's traffic chaos for the 3rd ODI against West Indies! Electric bikes to the rescue at The Oval. #ENGvWI
pic.twitter.com/fB250MGRvG— Gags ⚡️ (@CatchOfThe40986) June 3, 2025
Did anyone see England team on Lime bikes this morning?! 😂🚲 pic.twitter.com/IhjsMisscJ
— Sky Sports Cricket (@SkyCricket) June 3, 2025