Ultimate magazine theme for WordPress.

Watch : අතීතය සිහිපත් කළ සංගක්කාරගේ විශිෂ්ඨ ස්ටම්ප් කිරීම

International Masters League ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය Sri Lanka Masters කණ්ඩායම හා India Masters කණ්ඩායම අතර අද(22) රාත්‍රී 7:30 ට ආරම්භ වුණා.

Navi Mumbai හි DY Patil ක්‍රීඩාංගනයේදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ඉන්දිය ඉනිම අතරතුර Gurkeerat Singh Mann දවා ගැනීම සදහා විශිෂ්ඨ ස්ටම්ප් කිරීමක් සිදු කිරීමට ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර  සමත් වුණා.

චතුරංග ද සිල්වාගේ පන්දුවක් හමුවේ එම දැවී යාම සටහන් වන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 44(32) ක්.