Ultimate magazine theme for WordPress.

Update : ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට ලකුණු 196 ක ඉලක්කයක්

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කරන Road Safety World Series ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට ලකුණු 196 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ඒ, රායිපූර්හී දී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 195 ක් ලබා ගැනීමත් සමගයි.

ඉන්දීය ඉනිම ආරම්භ කරමින් පිටියට පිවිසියේ නාමන් ඕජා සමගින් සචින් ටෙන්ඩුල්කාර්. ටෙන්ඩුල්කාර් තමා මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවී ගියේ නුවන් කුලසේකරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. සුරේෂ් රයිනා ද නුවන් කුලසේකරගේම පන්දුවක් හමුවේ ලකුණු 4(2) කට දැවි ගියා.

විනයි කුමාර් පන්දු 21 කින් ලකුණු 36 ක් රැස් කළා. යුවරාජ් සිං ලකුණු 19 යි. ඉර්ෆාන් පතාන් ලකුණු 11කටත්, යුසුෆ් පතාන් ලකුණු නොලබාත් දැවී ගියා.

සුපිරි ශතකයක් වාර්තා කළ නාමන් ඕජා පන්දු 71 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 108 ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් හා හතරේ පහර 15 ක් ඇතුළත්. ස්ටුවර්ට් බිනී නොදැවී ලකුණු 8යි.

පන්දු යැවීමේ දී නුවන් කුලසේකර ලකුණු 29 කට කඩුලු 3 ක් දවා ගත්තා. ඉසුරු උදාන කඩුලු 2 ක් ද, ඉෂාන් ජයරත්න එක් කඩුල්ලක් ද බිද හෙලුවා.

Show Comments (1)