Ultimate magazine theme for WordPress.

Update : ඔස්ට්‍රේලියාවෙන් දෙවැනි ටෙස්ට් තරගයට සාර්ථක ආරම්භයක්

Lunch Report

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අදයි.

ගාල්ලේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 99ක්.

නොදැවී පන්දුවට පහර දෙන මර්නස් ලබුෂේන් ලකුණු 42ක් හා ස්ටීවන් ස්මිත් ලකුණු 13ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ලබුෂේන් ලකුණු 28ක් ලබා සිටියදී ස්ටම්ප් කිරීමකට හසු කර ගනිමින් දවා ගැනීමට ලද අවස්ථාවක් නිරෝෂන් දික්වැල්ල අතින් ගිලිහී ගියා. ඔහු අතින් මෙම ටෙස්ට් තරගාවලියේ දී මේ වන විට ස්ටම්ප් කිරීමේ අවස්ථා 3ක් ගිලිහී ගොස් තිබෙනවා.

ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඩේවිඩ් වෝනර් ලකුණු 5කට දවා ගැනීමට කසුන් රාජිත සමත් වූ අතර, උස්මාන් කවාජා ලකුණු 37 කට දැවී ගියා. ඒ, රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 4ක් සිදු කර ඇති අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් මහීෂ් තීක්ෂණ, කමිදු මෙන්ඩිස් හා ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් වරම් දිනා ගැනීම ද විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාව මෙම තරගය සදහා කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.