Ultimate magazine theme for WordPress.

UAE නවතම 20යි 20 ලීගයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 8 ක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත 20යි 20 ජාත්‍යන්තර ලීගය (International League T20) (ILT20) සදහා ක්‍රීඩා කිරීමට නියමිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් රැසකගේ තොරතුරු එරට ක්‍රිකට් ආයතනය අද (8) නිවේදනය කළා.

ඒ අනුව ශ්‍රී ලංකාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ඇෆ්ඝනිස්තානය, සිම්බාබ්වේ, අයර්ලන්තය, අමෙරිකාව, නැමීබියාව, නෙදර්ලන්තය හා නේපාලය වැනි රටවලින් ක්‍රීඩකයින් මෙම තරගාවලිය සදහා එක්වීමට නියමිතව ඇති බවයි එමිරේට්ස් ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරගාවලියේ පළමු අදියර සදහා එක්වන ප්‍රධාන (Marquee) ක්‍රීඩකයින් අතරට වනිදු හසරංග, දුෂ්මන්ත චමීර හා භානුක රාජපක්ෂ යන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ද ඇතුළත් අතර, තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 5 දෙනෙකු ද තරගාවලියට ඇතුළත්ව සිටිනවා.

තරගාවලියට ක්‍රීඩා කරන සෙසු ප්‍රධාන ක්‍රීඩකයින් –

Moeen Ali, Andre Russell, Dawid Malan, Sunil Narine, Evin Lewis, Colin Munro, Fabien Allen, Sam Billings, Tom Curran, Alex Hales, Shimron Hetmyer, Akeal Hosein, Chris Jordan, Tom Banton, Sandeep Lamichhane, Chris Lynn, Rovman Powell, Mujeeb Ul Rahman

තරගාවලියට කණ්ඩායම් 6ක් තරග කරන අතර, සෑම සංචිතයක් සදහාම ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

සංචිතයකට එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රීඩකයින් සිව් දෙනෙකු හා අයි.සී.සී පූර්ණ සාමාජිකත්වය නොමැති රටවලින් ක්‍රීඩකයින් දෙදෙනෙකු ද ඇතුළත් විය යුතුයි.

2023 වසරේ ජනවාරි මාසයේ දී පැවැත්වීමට නියමිත මෙම ජාත්‍යන්තර ලීගය සදහා තරග 34 ක් ඇතුළත් අතර, සාජා, ඩුබායි හා අබුඩාබි හී දී තරග පැවැත්වීමට නියමිතයි.

තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට නියමිත බවට අද නිවේදනය කෙරුණු සෙසු ක්‍රීඩකයින් –

Lahiru Kumara, Seekugge Prassanna, Charith Asalanka, Colin Ingram, Paul Stirling, Kennar Lewis, Ali Khan, Brandon Glover, Ravi Rampaul, Raymon Reifer, Isuru Udana, Blessing Muzarabani, Niroshan Dickwella, Hazaratullah Zazai, Frederick Klassen, Sikandar Raja, George Munsey, Dan Lawrence, Dominic Drakes, Jamie Overton, Liam Dawson, David Wiese, Qais Ahmed, Richard Gleeson, James Vince, Noor Ahmed, Rahmanullah Gurbaz, Navin Ul Haq, Sherfane Rutherford, Saqib Mahmood, Ben Duckett, Benny Howell, Ruben Trumpelman.

Leave a comment