Ultimate magazine theme for WordPress.

U19 WC : ඉන්දීය ක්‍රීඩකයින් රැසකට කොරෝනා ; පුහුණුකරුවන් වතුර අදියි

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැත්වෙන 2022 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ඉන්දීය යොවුන් කණ්ඩායමේ ක්‍රීඩකයින් 6 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

එම ක්‍රීඩකයින් අතර නායක Yash Dhull හා උප නායක SK Rasheed ද වන බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඉන්දීය යොවුන් කණ්ඩායම මේ වන විට මෙවර තරගාවලියේ සිය දෙවැනි තරගය සදහා අයර්ලන්ත යොවුන් කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කරමින් සිටිනවා.

වෛරසය ආසාදනය වූ ක්‍රීඩකයින් මේ වන විට හුදකලා කර ඇති බැවින් නිසි කණ්ඩායමක් සකස් කර ගැනීමේ අර්බුදයකට ද ඉන්දියාව මුහුණ දී සිටින බව සදහන්.

ලෝක කුසලාන තරගාවලිය සදහා වන ඉන්දීය යොවුන් සංචිතයට ඇතුළත් සමස්ත ක්‍රීඩකයින් ගණන 17ක්.

ඒ අනුව අද(19) තරගය සදහා තෝරා ගැනීමට ඉතිරිව සිටියේ ක්‍රීඩකයින් 11 දෙනෙකු පමණයි.

අද පැවැත්වෙන තරගයේ දී ක්‍රීඩකයින්ට සිසිල් බීම රැගෙන යාමේ කටයුතු සදහා ක්‍රීඩකයින් වෙනුවට පුහුණුකරුවන්ව යෙදවීමට කණ්ඩායමේ කළමණාකාරීත්වයට සිදුව තිබෙනවා.

Leave a comment