U19 CWC : සුපිරි 6 වටයේ අවසන් ප්‍රසාද ලකුණු සටහන හා අවසන් පූර්ව වටයේ කාලසටහන මෙන්න

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ හා සුපිරි හය වටයේ තරග මේ වන විට අවසන්ව තිබෙනවා.
ඒ අනුව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණේ දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව හා පාකිස්තානයයි.
ඊයේ(3) පැවැති මූලික වටයේ 36 වැනි තරගයෙන් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පරදා ලකුණු පහක තියුණු ජයක් වාර්තා කරමිනුයි පාකිස්තාන යොවුන් පිල අවසන් පූර්ව වටයේ ස්ථානයක් තහවුරු කර ගත්තේ.
පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 40.4 ක් අවසානයේ දී සියලු දෙනා දැවී ලකුණු 155 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 35.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 150 ක් පමණයි.
ඒ අනුව අවසන් පූර්ව වටයේ තරග එළඹෙන 6 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
පළමු අවසන් පූර්ව තරගය එදින පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාව හා ඉන්දියාව අතරයි. දෙවැනි අවසන් පූර්ව තරගය එළඹෙන 8 වැනිදා ඔස්ට්‍රේලියාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිතයි.
අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ එළඹෙන 11 වැනිදායි.
සුපිරි හය වටයේ ප්‍රසාද ලකුණු සටහන –

