U19 CWC : දකුණු අප්‍රිකාව, බංග්ලාදේශය හා ඔස්ට්‍රේලියාවට ජය

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ(31) පැවැති සුපිරි හය වටයේ තරගවලින් ජය වාර්තා කිරීමට බංග්ලාදේශ, ඔස්ට්‍රේලියානු හා දකුණු අප්‍රිකා යොවුන් කණ්ඩායම් සමත් වුණා.
ඔවුන් හමුවේ පිළිවෙලින් පරාජයට පත් වූයේ නේපාල, එංගලන්ත හා සිම්බාබ්වේ යන කණ්ඩායම්.
බංග්ලාදේශ-නේපාල තරගය
තරගාවලියේ 29 වැනි තරගය නේපාලය හා බංග්ලාදේශය අතර Bloemfontein හී දී පැවැත්වුණා.
පළමුව පන්දුවට පහරදුන් නේපාලය පන්දුවාර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 169 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ යොවුන් පිල පන්දුවාර 25.2 ක් අවසානයේ කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
ඒ අනුව බංග්ලාදේශය මෙම තරගයෙන් කඩුලු පහක ජයක් හිමි කර ගත්තා.
බංග්ලාදේශය වෙනුවෙන් පන්දු යැවීමේ දී Rohanat Doullah Borson කඩුලු 4 ක් දවා ගත් අතර, පිතිකරණයේ දී Ariful Islam නොදැවී ලකුණු 59 ක් රැස් කළා.
ඔස්ට්‍රේලියා-එංගලන්ත තරගය
තරගාවලියේ 30 වැනි තරගය Kimberley හී දී පැවැත්වුණේ ඔස්ට්‍රේලියාව හා එංගලන්තය අතරයි.
පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා යොවුන් කණ්ඩායම කඩුලු හයක් දැවී ලකුණු 266 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත ඉනිම අතරවාරයේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ පන්දුවාර 24 කදී එංගලන්තයට තරගය ජය ගැනීමට ලකුණු 215 ක ඉලක්කයක් හිමි වුණා.
කෙසේ වෙතත්, ඔවුන්ට පන්දුවාර 16.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 104 ක් පමණයි. ඒ අනුව ඔස්ට්‍රේලියාව මෙම තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 110 ක ජයක් හිමි කර ගත්තා.
දකුණු අප්‍රිකා – සිම්බාබ්වේ තරගය
මෙම තරගය තරගාවලියේ 31 වැනි තරගය ලෙස පැවැත්වුණේ Potchefstroom හී දි යි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 102 කට දැවී ගියේ පන්දුවාර 29.2 ක් තුළදීයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව පන්දුවාර 13.3 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
පන්දු යැවීමේ දී දකුණු අප්‍රිකාව වෙනුවෙන් Kwena Maphaka ලකුණු 34 කට කඩුලු 5ක් දවා ගත් අතර, පිතිකරණයේ දී Lhuan-dre Pretorius නොදැවී ලකුණු 53 ක් ලබා ගත්තා.