Ultimate magazine theme for WordPress.

Toss Report : කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් 4ක්

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් හම්බන්තොට පැවැත්වෙන තරගයේ දී පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

මෙම තරගය සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙනස්කම් කිහිපයක් සිදු කර තිබෙනවා. ඒ අනුව සධීර සමරවික්‍රම, වනිදු හසරංග, මහීෂ් තීක්ෂණ හා දුෂ්මන්ත චමීර කණ්ඩායමට කැදවීමට පියවර ගෙන තිබෙනවා.

ඔවුන් කණ්ඩායමට පැමිණ ඇත්තේ ඇන්ජෙලෝ මැතිව්ස්, දුෂාන් හේමන්ත, ලහිරු කුමාර (ආබාධයක්) හා  මතීෂ පතිරණ වෙනුවටයි.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI:

Dimuth Karunaratne, Kusal Mendis (wk), Pathum Nissanka, Charith Asalanka, Sadeera Samarawickrama, Dasun Shanaka (c), Dhananjaya de Silva, Wanindu Hasaranga, Maheesh Theekshana, Dushmantha Chameera, Kasun Rajitha

Afghanistan XI:

Rahmanullah Gurbaz (wk), Ibrahim Zadran, Rahmat Shah, Hashmatullah Shahidi, Najibullah Zadran, Mohammad Nabi, Mujeeb Ur Rahman, Noor Ahmad, Fazalhaq Farooqi, Azmatullah Omarzai, Farid Malik

Leave a comment