Toss Report : චාමිකට නායකත්වය ; කාසියේ වාසියත් ස්ට්‍රයිකර්ස් පිලට
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් බී-ලව් කැන්ඩි කණ්ඩායමට එරෙහිව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
මෙම තරගය සදහා කැන්ඩි කණ්ඩායමෙන් වෙනස්කම් 3ක් සිදු කර තිබෙනවා. ඒ අනුව මුජීර් උර් රහ්මාන්, දිනේෂ් චන්දිමාල් හා දුෂ්මන්ත චමීර විවේක ගැන්වීමට තීරණය කර ඇති අතර, අශේන් බණ්ඩාර, චතුරංග ද සිල්වා හා මොහමඩ් හස්නයින් කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
කොළඹ කණ්ඩායම සදහා නායක නිරෝෂන් දික්වැල්ල අද තරගය සදහා ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ අනුව මෙම තරගයේ දී කොළඹ කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ චාමික කරුණාරත්න විසින්.
දික්වැල්ලට හා ඇන්ජෙලෝ පෙරේරාට ආබාධවලට ලක් වීම හේතුවෙනුයි මෙම තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී ඇත්තේ. ඔවුන් වෙනුවට ලහිරු උදාර හා නිපුන් ධනංජය කණ්ඩායමට කැදවීමට පියවර ගෙන තිබෙනවා.
Colombo Strikers XI:
Pathum Nissanka, Babar Azam, Nuwanidu Fernando, Iftikhar Ahmed, Lahiru Udara (wk), Nipun Dhananjaya, Mohammad Nawaz, Chamika Karunaratne (c), Jeffrey Vandersay, Naseem Shah, Matheesha Pathirana
B-Love Kandy XI:
Fakhar Zaman, Mohammad Haris (wk), Sahan Arachchige, Angelo Mathews, Ashen Bandara, Asif Ali, Chaturanga de Silva, Wanindu Hasaranga (c), Isuru Udana, Mohammad Hasnain, Nuwan Pradeep