Toss Report : කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – 5 දෙනෙකුට ටෙස්ට් වරම්

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා සමත් වුණා.
ඒ අනුව ඔහු තීරණය කළේ ඇෆ්ඝනිස්තානයට පළමුව පන්දුවට පහර දීම සදහා ආරාධනා කිරීමටයි.
තරගය කොළඹ එස් එස් සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් චාමික ගුණසේකර ටෙස්ට් වරම් දිනා ගැනීම ද විශේෂත්වයක්.
ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ 165 වැනි ක්‍රීඩකයා ලෙසයි ඉතිහාසගත වන්නේ.
ශ්‍රී ලංකාව මෙම තරගය සදහා වේග පන්දු යවන්නන් තිදෙනෙකු සහිතව ක්‍රීඩා කිරීම ද විශේෂත්වයක්. ඒ අනුව චාමිකට අමතරව, විශ්ව ප්‍රනාන්දු හා අසිත ප්‍රනාන්දු වේග පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට නම් කර තිබෙනවා.
කණ්ඩායමේ සිටින එකම විශේෂඥ දග පන්දු යවන්නා වන්නේ ප්‍රභාත් ජයසූරියයි. ධනංජය ද සිල්වා අතිරේක දග පන්දු යවන්නෙකු ලෙස කටයුතු කරනු ඇති.
ඇෆ්ඝනිස්තානය වෙනුවෙන් මෙම තරගයේ දී ක්‍රීඩකයින් සිව් දෙනෙකු ටෙස්ට් වරම් දිනා ගැනීම කැපී පෙනෙනවා.
ඒ අනුව Noor Ali Zadran, Zia Ur Rehman Akbar, Mohammad Saleem හා Naveed Zadran අද දිනයේ දී ටෙස්ට් වරම් දිනා ගත්තා.
කණ්ඩායම් දෙක –
Afghanistan XI:
Ibrahim Zadran, Noor Ali Zadran, Rahmat Shah, Hashmatullah Shahidi (c), Nasir Jamal, Ikram Alikhil (wk), Qais Ahmad, Zia-ur-Rehman, Mohammad Saleem Safi, Naveed Zadran, Nijat Masood
Sri Lanka XI:
Dimuth Karunaratne, Nishan Madushka, Kusal Mendis, Angelo Mathews, Dinesh Chandimal, Dhananjaya de Silva (c), Sadeera Samarawickrama(wk), Chamika Gunasekara, Prabath Jayasuriya, Vishwa Fernando, Asitha Fernando
A huge congratulations to Chamika Gunasekara on receiving his well-deserved Test cap for Sri Lanka! Cap number 1️⃣6️⃣5️⃣!#SLvAFG pic.twitter.com/N1It5ZZrWI
— Sri Lanka Cricket 🇱🇰 (@OfficialSLC) February 2, 2024
𝐖𝐄 𝐀𝐑𝐄 𝐆𝐎𝐈𝐍𝐆 𝐖𝐈𝐓𝐇 𝐅𝐎𝐔𝐑 𝐃𝐄𝐁𝐔𝐓𝐀𝐍𝐓𝐒!
Top-order batter @NoorAliZadran, SLA @Zia22Akbar, and the duo of Mohammad Saleem and Naveed Zadran are all set to make their Test Debut today against Sri Lanka. 👏
All the very best, #AfghanAtalano! 👍#SLvAFG2024 pic.twitter.com/drH5TOJQOf
— Afghanistan Cricket Board (@ACBofficials) February 2, 2024