Toss Report : කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් එක් වෙනසක්
2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සුපිරි 6 වටයේ දෙවැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
තරගය බුලවායෝ හී දී පැවැත්වෙන අතර, මෙම තරගය සදහා ශ්‍රී ලංකාවෙන් එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා.
ඒ අනුව කසුන් රාජිත වෙනුවට ඩිල්ෂාන් මදුෂංක කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
නෙදර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් අද තරගය සදහා වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.
ඒ අනුව Vivian Kingma හා Clayton Floyd වෙනුවට Ryan Klien හා Shariz Ahemd කණ්ඩායමට කැදවීමටයි කටයුතු කර ඇත්තේ.
කණ්ඩායම් දෙක –
Sri Lanka XI :
Pathum Nissanka, Dimuth Karunaratne, Kusal Mendis (wk), Sadeera Samarawickrama, Charith Asalanka, Dhananjaya de Silva, Dasun Shanaka (c), Wanindu Hasaranga, Maheesh Theekshana, Lahiru Kumara, Dilshan Madushanka
Netherlands XI:
Vikramjit Singh, Max ODowd, Wesley Barresi, Bas de Leede, Teja Nidamanuru, Scott Edwards (wk/c), Saqib Zulfiqar, Logan van Beek, Shariz Ahmad, Ryan Klein, Aryan Dutt