The Hundred Draft : දැවැන්ත මිලකට වනිදු මැන්චෙස්ටර් කණ්ඩායමට අලෙවි වෙයි
බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන The Hundred හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සදහා ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) කටයුතු හෙවෙත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවේ දී Manchester Originals හා Northern Superchargers යන කණ්ඩායම් විසින් තෝරා ගත් ක්‍රීඩකයින් පිළිබද තොරතුරු තරගාවලියේ සංවිධායකයින් විසින් මේ වන විට නිවේදනය කර තිබෙනවා.
ඊයේ(4) දිනයේ දී මාධ්‍යයට විවෘත නොවී ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ කටයුතු සිදු කෙරුණු අතර, එහිදී තෝරා ගත් ක්‍රීඩකයින් පිළිබද තොරතුරු නිවේදනය කරන්නේ අද(5) දිනය තුළයි.
මීට පෙර London Spirit හා Welsh Fire යන කණ්ඩායම් සදහා තෝරා ගත් ක්‍රීඩකයින් පිළිබද තොරතුරු නිවේදනය කෙරුණා.
Manchester Originals කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ වනිදු හසරංගව තෝරා ගැනීම විශේෂත්වයක්.
ඒ, පවුම් 100,000 ක මුදලක් වැය කරමින්. (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 4කට ආසන්න වටිනාකමක්)
මෙවර ක්‍රීඩක තෝරා ගැනීමේ දී Manchester Originals හා Northern Superchargers යන කණ්ඩායම් විසින් තෝරා ගත් ක්‍රීඩකයින් පහතින් –
- Manchester Originals Men’s signings : Andre Russell (overseas), Laurie Evans, Wanindu Hasaranga (overseas), Sean Abbott (overseas), Daniel Worrall
- Northern Superchargers Men’s signings: Dwayne Bravo(overseas), Wahab Riaz(overseas), Adam Hose, Roelof van der Merwe, Luke Wright
එම කණ්ඩායම් දෙක විසින් ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවට පෙර සිය කණ්ඩායම්වල රදවා ගෙන තිබූ ක්‍රීඩකයින් –
- Manchester Originals : Jos Buttler, Ollie Robinson, Philip Salt, Matt Parkinson, Jamie Overton, Tom Hartley, Tom Lammonby, Colin Ackermann, Wayne Madsen, Fred Klaassen, Calvin Harrison
- Northern Superchargers : Ben Stokes, Adil Rashid, David Willey, Faf du Plessis(overseas), Harry Brook, Brydon Carse, Matthew Potts, John Simpson, Adam Lyth, Callum Parkinson
කණ්ඩායම් 8 සදහා ක්‍රීඩකයින් 42 දෙනෙකු තෝරා ගැනීම වෙනුවෙන් ක්‍රීඩක කෙටුම්පත් කිරීම සංවිධාන කර තිබුණා. එම ක්‍රීඩකයින් 42 දෙනා අතරට, විදෙස් ක්‍රීඩකයින් 17 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 25 දෙනෙකු තෝරා ගැනීමටයි නියමිතව තිබුණේ.
ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව සදහා ලියාපදිංචි වී සිටි විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 285ක් වන අතර, දේශීය ක්‍රීඩකයින් 250 දෙනෙකු ද ඊට ඉදිරිපත් කෙරුණා. විදෙස් ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 22 දෙනෙකු ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.
ඒ අනුව වනිදු හසරංග හා භානුක රාජපක්ෂ පවුම් 50,000 ක මූලික වටිනාමක් හිමි කාණ්ඩය යටතේ ලියාපදිංචි වී තිබූ අතර, තිසර පෙරේරා හා දසුන් ශානක පවුම් 40,000 ක මූලික වටිනාමක් සහිත කාණ්ඩයට ඇතුළත්ව සිටියා.