Ultimate magazine theme for WordPress.

The Hundred draft : පන්දු සියයට පොලාඩ්, මිලර් ඇතුළු ප්‍රබලයින් රැසක් ගිවිසුම් ගත වෙයි

බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන The Hundred හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සදහා ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ (Draft) කටයුතු හෙවෙත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවේ දී ඒ ඒ කණ්ඩායම් විසින් තෝරා ගත් ක්‍රීඩකයින් පිළිබද තොරතුරු තරගාවලියේ සංවිධායකයින් විසින් මේ වන විට නිවේදනය කිරීම ආරම්භ කර තිබෙනවා.

ඊයේ(4) දිනයේ දී මාධ්‍යයට විවෘත නොවී ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ කටයුතු සිදු කෙරුණු නමුත්, එහිදී තෝරා ගත් ක්‍රීඩකයින් පිළිබද තොරතුරු නිවේදනය කරන්නේ අද(5) දිනය තුළයි.

කණ්ඩායම් 8 සදහා ක්‍රීඩකයින් 42 දෙනෙකු තෝරා ගැනීම වෙනුවෙන් ක්‍රීඩක කෙටුම්පත් කිරීම සංවිධාන කර තිබුණා. එම ක්‍රීඩකයින් 42 දෙනා අතරට, විදෙස් ක්‍රීඩකයින් 17 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 25 දෙනෙකු තෝරා ගැනීමටයි නියමිතව තිබුණේ.

මෙවර ක්‍රීඩක තෝරා ගැනීමේ දී London Spirit හා Welsh Fire යන කණ්ඩායම් විසින් තෝරා ගත් ක්‍රීඩකයින් පිළිබද තොරතුරු මේ වන විට තරගාවලියේ සංවිධායකයින් විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ක්‍රීඩක තෝරා ගැනීමේ දී පළමුවෙන්ම තෝරා ගෙන ඇත්තේ කොදෙව් ප්‍රහාරාත්මත පිතිකරු කයිරන් පොලාඩ්. ඒ, ලන්ඩන් කණ්ඩායම විසින්.

එම කණ්ඩායම විසින් පහත සදහන් ක්‍රීඩකයින් ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීමේ දී තෝරා ගෙන තිබෙනවා.

  • London Spirit Men’s signings: Kieron Pollard (overseas), Liam Dawson, Riley Meredith (overseas), Jordan Thompson, Daniel Bell-Drummond, Chris Wood

Welsh Fire කණ්ඩායම විසින් ටොම් බැන්ටන්, ඩේවිඩ් මිලර්, ඇඩම් සම්පා හා නසීම් ශාහ් වැනි ක්‍රීඩකයින් සිය කණ්ඩායම වෙනුවෙන් තෝරා ගෙන තිබෙනවා.

  • Welsh Fire Men’s signings: Joe Clarke, Tom Banton, Adam Zampa (overseas), David Miller (overseas), Naseem Shah (overseas), Sam Hain, Jacob Bethell

එම කණ්ඩායම් දෙක විසින් ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවට පෙර සිය කණ්ඩායම්වල රදවා ගෙන තිබූ ක්‍රීඩකයින් –

  • London Spirit : Zak Crawley, Mark Wood, Glenn Maxwell (overseas), Eoin Morgan, Mason Crane, Dan Lawrence, Ravi Bopara, Blake Cullen, Brad Wheal, Adam Rossington
  • Welsh Fire : Jonny Bairstow, Ollie Pope, Ben Duckett, Jake Ball, David Payne, Leus du Plooy, Ryan Higgins, JJ Cobb

කාන්තා තරගාවලිය සදහා ද අදාළ කණ්ඩායම් දෙක විසින් කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී තෝරා ගත් ක්‍රීඩිකාවන් පිළිබද තොරතුරු මේ වන විට නිවේදනය කර තිබෙනවා.

  • London Spirit Women’s signings: Beth Mooney(overseas), Amelia Kerr(overseas), Megan Schutt(overseas), Sophie Luff
  • Welsh Fire Women’s signings: Tammy Beaumont, Rachael Haynes(overseas), Annabel Sutherland(overseas), Fran Wilson, Alex Hartley, Fi Morris, Sarah Bryce

ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව සදහා ලියාපදිංචි වී සිටි විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 285ක් වන අතර, දේශීය ක්‍රීඩකයින් 250 දෙනෙකු ද ඊට ඉදිරිපත් කෙරුණා. විදෙස් ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 22 දෙනෙකු ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

ඒ අනුව වනිදු හසරංග හා භානුක රාජපක්ෂ පවුම් 50,000 ක මූලික වටිනාමක් හිමි කාණ්ඩය යටතේ ලියාපදිංචි වී තිබූ අතර, තිසර පෙරේරා හා දසුන් ශානක පවුම් 40,000 ක මූලික වටිනාමක් සහිත කාණ්ඩයට ඇතුළත්ව සිටියා.

Leave a comment