The Hundred Draft : ඩී කොක් යළි මහේලගේ පිලට ; සදන් බේව් හා බර්මිංහැම් කණ්ඩායම් මෙන්න
බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන The Hundred හෙවත් පන්දු සියයේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අදියර සදහා ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවේ දී (Draft) හෙවෙත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාවේ දී Birmingham Phoenix හා පසුගියවර ශූරතාවය දිනා ගත් Southern Brave යන කණ්ඩායම් විසින් තෝරා ගත් ක්‍රීඩකයින් පිළිබද තොරතුරු තරගාවලියේ සංවිධායකයින් විසින් මේ වන විට නිවේදනය කර තිබෙනවා.
ඊයේ(4) දිනයේ දී මාධ්‍යයට විවෘත නොවී ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ කටයුතු සිදු කෙරුණු අතර, එහිදී තෝරා ගත් ක්‍රීඩකයින් පිළිබද තොරතුරු නිවේදනය කෙරුණේ අද(5) දිනයේ දී යි.
මීට පෙර London Spirit , Welsh Fire, Manchester Originals , Northern Superchargers, Oval Invincibles හා Trent Rockets යන කණ්ඩායම් සදහා තෝරා ගත් ක්‍රීඩකයින් පිළිබද තොරතුරු නිවේදනය කෙරුණා. Manchester Originals කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවේ වනිදු හසරංගව තෝරා ගැනීම විශේෂත්වයක්.
මෙවර ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවේ දී Birmingham Phoenix හා මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරන Southern Brave යන කණ්ඩායම් විසින් තෝරා ගත් ක්‍රීඩකයින් පහතින් –
- Birmingham Phoenix Men’s signings: Jack Leach, Matthew Wade (overseas), Olly Stone, Kane Richardson (overseas), Matthew Fisher, Graeme van Buuren
- Southern Brave Men’s signings: Quinton de Kock (overseas), Rehan Ahmed, Joe Weatherley, Dan Moriarty
එම කණ්ඩායම් දෙක විසින් ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවට පෙර සිය කණ්ඩායම්වල රදවා ගෙන තිබූ ක්‍රීඩකයින් –
- Birmingham Phoenix : Chris Woakes, Liam Livingstone, Moeen Ali, Adam Milne (overseas), Benny Howell, Tom Abell, Will Smeed, Chris Benjamin, Miles Hammond, Henry Brookes
- Southern Brave : Jofra Archer, Marcus Stoinis (overseas), James Vince, Tymal Mills, Chris Jordan, George Garton, Alex Davies, Jake Lintott, Tim David (overseas), Ross Whiteley, Craig Overton
කණ්ඩායම් 8 සදහා ක්‍රීඩකයින් 42 දෙනෙකු තෝරා ගැනීම වෙනුවෙන් ක්‍රීඩක කෙටුම්පත් කිරීම සංවිධාන කර තිබුණා. එම ක්‍රීඩකයින් 42 දෙනා අතරට, විදෙස් ක්‍රීඩකයින් 17 දෙනෙකු හා දේශීය ක්‍රීඩකයින් 25 දෙනෙකු තෝරා ගැනීමටයි නියමිතව තිබුණේ.
ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අවස්ථාව සදහා ලියාපදිංචි වී සිටි විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 285ක් වන අතර, දේශීය ක්‍රීඩකයින් 250 දෙනෙකු ද ඊට ඉදිරිපත් කෙරුණා.
විදෙස් ක්‍රීඩකයින් අතරට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 22 දෙනෙකු ද ඇතුළත්ව සිටියා.
කෙසේ වෙතත්, එම ක්‍රීඩකයින් 22 දෙනා අතරින් තරගාවලිය සදහා තෝරා ගත්තේ වනිදු හසරංගව පමණයි.