Ultimate magazine theme for WordPress.

Tea Report : ශ්‍රී ලංකාව තවත් ලකුණු 135 ක් පිටුපසින්

ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක අයර්ලන්ත කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(26).

තේ පානය සදහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 357 ක් ලබා සිටියා. ඒ, අයර්ලන්තය සිය පළමු ඉනිමට සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 492 ට පිළිතුරු වශයෙන්. ඒ අනුව ශ්‍රී ලංකාව මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 135 ක්.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින නිශාන් මදුෂ්ක සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 149 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 83 (96) යි. දිමුත් කරුණාරත්න ලකුණු 115 කට දැවී ගියේ දිවා ආහාරයට පෙර යොමු කෙරුණු අවසන් පන්දුවාරයේ දී යි. දිමුත් අද වාර්තා කළේ සිය 16 වැනි ටෙස්ට් ශතකයයි.

නිශාන් මදුෂ්ක හා කුසල් මෙන්ඩිස් අතර මේ වන විට දෙවැනි කඩුල්ල සදහා ලකුණු 129* (171) ක සම්බන්ධතාවයක් ගොඩ නැගී තිබෙනවා.