Tea Report : පාකිස්තානය ලකුණු 231 ක් ඉදිරියෙන්
ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි (26).
අද දිනය සදහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 2 ක් දැවී ලකුණු 178 ක් ලබා සිටි අතර, තේ පානය සදහා තරගය නතර කරන විට ඔවුන් කඩුලු 4 ක් දැවී ලකුණු 397 ක් ලබා සිටියා.
අද දිනයට තරගය ආරම්භ වූ අවස්ථාවේ සිට දිවා ආහාරය දක්වා වූ කාලයේ දී පාකිස්තානය පන්දුවාර 32.3 ක් තුළ කඩුල්ලක් දැවී ලකුණු 95 ක් ලබා ගැනීමට සමත් වූ අතර, දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලයේ දී ඔවුන් පන්දුවාර 28 කදී කඩුල්ලක් දැවී ලකුණු 124 ක් රැස් කළා.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටින අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 190 ක් හා ආගා සල්මා ලකුණු 28 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
අද දිනයේ පළමු කඩුල්ල ලෙස නායක බාබර් අසාම් දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුණා. ඔහු ලකුණු 39 ක් ලබා සිටියදීයි ප්‍රභාත්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී ගියේ. බාබර් හා ශෆික් අතර තෙවැනි කඩුල්ලට ලකුණු 89 (157)ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.
අනතුරුව ශෆික් හා සවුද් ශකීල් අතර සිව්වැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 109 ක්. ශකීල් ලකුණු 57 ක් ලබා සිටියදී දැවී ගියේ අසිත ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේයි. සර්ෆරාස් අහ්මඩ් පන්දුවක් හිස් ආවරණයේ වැදීමෙන් පසුව ඇති වූ අපහසුතාවයක් හේතුවෙන් ලකුණු 14 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණා.
පාකිස්තාන ඉනිම වෙනුවෙන් ශාන් මසූඩ් ලකුණු 51 ක් රැස් කළ අතර, ඉමාම් උල් හක් ලකුණු 6කට දැවී ගියා.
පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක් හා ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ලක් බිද හෙලා තිබෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166 ක් පමණයි. ධනංජය ද සිල්වා ලකුණු 57 ක් ලබා ගත් අතර, දිනේෂ් චන්දිමාල් ලකුණු 34 යි. පන්දු යැවීමේ දී අබ්රාර් අහ්මඩ් ලකණු 69 කට කඩුලු 4 ක් හා නසීම් ශාහ් ලකුණු 41 කට කඩුලු 3 ක් බිද හෙලුවා.
ඒ අනුව පාකිස්තානය මේ වන විට පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 231 ක්.