Tea Report : දුර්වල පිතිහරඹය ශ්රී ලංකා පළමු ඉනිම 166 කට සීමා කරයි
ශ්රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ පළමු දිනය මේ වන විට කොළඹ එස්.එස්.සී ක්රීඩාංගනයේ දී පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166 ක් පමණයි.
දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ශ්රී ලංකාව කඩුලු 4 ක් දැවී ලකුණු 79 ක් ලබා සිටි අතර, තේ පානය සදහා තරගය නතර කිරීමට පෙර ශ්රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 6 දැවී ගියා.
ධනංජය ද සිල්වා ලකුණු 57 ක් ලබා ගත්තා. ඔහු හා දිනේෂ් චන්දිමාල් අතර 5 වැනි කඩුල්ලට ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 85 (119) ක්. ශ්රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලකුණු 36 කට දැවී ගිය පසුබිමකයි ඔවුන් දෙදෙනා එම සම්බන්ධතාවය ගොඩ නැගුවේ. චන්දිමාල් ලකුණු 34 කට දැවී ගියා.
ඉනිම ආරම්භ කළ නිශාන් මදුෂ්ක ලකුණු 4 කට දුවද්දී දැවී ගියා. යළි අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් රැස් කළේ ලකුණු 6 ක් පමණයි. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 9කටත්, දිමුත් කරුණාරත්න ලකුණු 17 කටත් දැවී ගියා.
සධීර සමරවික්රම ලකුණු නොලබා දැවී ගියා. රමේෂ් මෙන්ඩිස් ලකුණු 27 යි.
පන්දු යැවීමේ දී අබ්රාර් අහ්මඩ් ලකණු 69 කට කඩුලු 4 ක් හා නසීම් ශාහ් ලකුණු 41 කට කඩුලු 3 ක් බිද හෙලුවා.
මෙම තරගය සදහා ශ්රී ලංකාව වෙනුවෙන් වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා. ඒ අනුව ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන් පළමු ටෙස්ට් තරගය ක්රීඩා කිරීමට නොහැකි වූ අසිත ප්රනාන්දු යළි කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.
වමත් වේග පන්දු යවන ක්රීඩක ඩිල්ෂාන් මදුෂංක ද මෙම තරගයේ දී ශ්රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.
ඔවුන් දෙදෙනාගේ නම් කිරීමත් සමග කණ්ඩායමේ ස්ථාන අහිමි වුණේ කසුන් රාජිතට හා විශ්ව ප්රනාන්දුටයි.
පාකිස්තාන කණ්ඩායමෙන් මෙම තරගය සදහා කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.