Ultimate magazine theme for WordPress.

Tammy ගේ වාර්තාගත ද්විත්ව ශතකය පසෙකලා ඔස්ට්‍රේලියාව තවදුරටත් පෙරමුණේ

Day 3 Report

සංචාරක ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම හා එංගලන්ත කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි(25).

නොටින්හැම් හි පැවැත්වෙන තරගය තෙවැනි දිනයට නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 82 ක් ලබා සිටියා.

Beth Mooney නොදැවී ලකුණු 33 ක් හා Phoebe Litchfield නොදැවී ලකුණු 41 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 218ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 463 ක්.

Tammy Beaumont පන්දු 331 කින් ලකුණු 208 ක් රැස් කිරීම විශේෂත්වයක්. හතරේ පහර 28 ක් ඇයගේ වාර්තාගත ඉනිම වර්ණවත් කළා.

එම ඉනිම ඉතිහාසගත වුණේ එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩිකාවක් රැස් කළ පළමු ද්විත්ව ශතකය ලෙසයි. එංගලන්තය වෙනුවෙන් පිතිකාරිණියක් ටෙස්ට් ඉනිමකදී වාර්තා කළ ඉහළම ලකුණු ප්‍රමාණය වාර්තා කළ ඇය කාන්තා ටෙස්ට් ඉතිහාසයේ පිතිකාරීණියක් වාර්තා කළ 8 වැනි ද්විත්ව ශතකයේ හිමිකාරිණිය බවට පත් වුණා.

Nat Sciver-Brunt ලකුණු 78 කට දැවී ගිය අතර, Heather Knight ලකුණු 57 යි. Danni Wyatt ලකුණු 44 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී Ashleigh Gardner ලකුණු 99 කට කඩුලු 4 ක් දවා ගත් අතර, Tahlia McGrath ලකුණු 24 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම Annabel Sutherland නොදැවී රැස් කළ ලකුණු 137 න් හා Ellyse Perry ලබා ගත් ලකුණු 99 න් ශක්තිමත් වෙමින් සිය පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලකුණු 473 ක් ලබා ගත්තා.

ඒ අනුව ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම මේ වන විට දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 92 ක්.