T20 World Cup : විනිසුරුවරුන් හා තරග තීරකවරුන් ප්‍රකාශයට පත් කෙරේ

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා පත් කෙරුණු තරග නිළධාරීන්ගේ නම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(3) නිවේදනය කළා.
ඒ අනුව ජූනි පළමු වැනිදා සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ දී හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී දී පැවැත්වීමට නියමිත තරගාවලිය සදහා තරග නිළධාරීන් 26 දෙනෙකු පත් කර ඇති බවයි අයි.සී.සීය සදහන් කළේ.
එම නිළධාරීන් අතරට විනිසුරුවන් 20 දෙනෙකු ඇතුළත් අතර, තරග තීරකවරුන් 6 දෙනෙකු ඇතුළත්.
තරග නිළධාරීන් අතරට 2022 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන මහතා මෙන්ම එම තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කළ රංජන් මඩුගල්ල මහතා ද ඇතුළත්.
රටවල් 20ක සහභාගීත්වයෙන් පැවැත්වෙන 9 වැනි විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය දින 28 ක් පුරා ක්‍රීඩාංගන 9කදී පැවැත්වෙන අතර, තරගාවලියට ඇතුළත් තරග ගණන 55 ක්.
The Match Officials for the ICC Men’s T20 World Cup 2024:
Umpires:
Chris Brown, Kumar Dharmasena, Chris Gaffaney, Michael Gough, Adrian Holdstock, Richard Illingworth, Allahudien Paleker, Richard Kettleborough, Jayaraman Madanagopal, Nitin Menon, Sam Nogajski, Ahsan Raza, Rashid Riaz, Paul Reiffel, Langton Rusere, Shahid Saikat, Rodney Tucker, Alex Wharf, Joel Wilson and Asif Yaqoob.
Match referees:
David Boon, Jeff Crowe, Ranjan Madugalle, Andrew Pycroft, Richie Richardson and Javagal Srinath.