Ultimate magazine theme for WordPress.

T20 ලෝක කුසලානයේ සත්කාරකයින් ඉන්දියාව තීරණය කරයි; පැවැත්වෙන දින මෙන්න

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඒ අනුව තරගාවලිය ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා පැවැත්විමට නියමිතයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ද එක්සත් අරාබියේ දී පැවැත්වීමට නියමිත අතර, එය අවසන් වී දින කිහිපයකින් ලෝක කුසලානය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

අයි.පී.එල් තරගාවලිය සැප්තැම්බර් 19 වනදා සිට ඔක්තෝම්බර් 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති බව සදහන්.

ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබියේ දී පැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනය මෙතෙක් ජගත් ක්‍රිකට් කවුන්සලය වෙත නිල වශයෙන් දන්වා නැහැ.

මේ වන විට පවතින සැලසුම්වලට අනුව ලෝක කුසලානයේ පළමු වටයේ තරග කාණ්ඩ දෙකක් යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවැත්වෙනු ඇති. ශ්‍රී ලංකාව ද ක්‍රීඩා කරන පළමු වටයට තරග 12ක් ඇතුළත්.

කණ්ඩායම් 8ක් පළමු වටයේ දී තරග කරන අතර, ඉන් කණ්ඩායම් 4ක් (කාණ්ඩ දෙකේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක) සුපිරි 12 වටය සදහා සුදුසුකම් ලබා ගන්නවා.

සුපිරි 12 වටය සදහා මේ වන විටත් කණ්ඩායම් 8ක් සුදුසුකම් ලබා අවසන්. ඔක්තෝබර් 24 වනදා ආරම්භ වන සුපිරි 12 වටය සදහා ඇතුළත් තරග සංඛ්‍යාව 30ක්.

එහිදී කාණ්ඩ දෙකකට කණ්ඩායම් 6ක් ඇතුළත් වන පරිදි තරග පැවැත්වෙන අතර, සියලු තරග ඩුබායි, අබුඩාබි සහ සාජාහී දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

පසුගිය පළමු වැනිදා පැවැති අයි.සී.සී රැස්වීමේ දී මෙවර 20යි 20 ලෝක කුසලානයේ සත්කාරකත්වය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ඉන්දියාවට මාසයක කාලයක් ලබා දුන්නා.

ඒ, තරගාවලියේ සත්කාරක අයිතිය හිමි ඉන්දීය ක්‍රිකට් ආයතනයට එරට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් තරගාවලිය ඉන්දියාවේ දි පැවැත්වීමට නොහැකි තත්ත්වයත් උද්ගතව ඇති බැවින්.

තරගාවලිය කුමන රටක පැවැත්වුවද එහි සත්කාරක අයිතිය ඉන්දීය ක්‍රිකට් ආයතනය සතුයි.

Leave a comment