Ultimate magazine theme for WordPress.

T20 ලෝක කුසලානයේ කණ්ඩායම් කාණ්ඩගත කර ඇති අයුරු නිවේදනය කෙරේ

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් කාණ්ඩ ගත කර ඇති අයුරු ජගත් ක්‍රිකට් කවුන්සලය අද(16) නිවේදනය කළා.

ඒ අනුව පළමු වටයේ තරග A හා B යන කාණ්ඩ යටතේ පැවැත්වෙන අතර, එක් කාණ්ඩයකට අයත් රටවල් ගණන 4ක්.

ශ්‍රී ලංකාව එහි A කාණ්ඩයට ඇතුළත්ව ඇති අතර, එම කාණ්ඩයට අයත් සෙසු රටවල් වන්නේ අයර්ලන්තය, නෙදර්ලන්තය හා නැමීබියාවයි.

බංග්ලාදේශය, ස්කොට්ලන්තය, පැපුවා නිව්ගිනියාව හා ඕමානය B කාණ්ඩයෙන් තරග වැදීමට නියමිතයි.

පළමු වටයෙන් අනතුරුව සුපිරි 12 වටයේ තරග ද කාණ්ඩ දෙකක් යටතේ පැවැත්වෙන බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

ඒ අනුව එහි පළමු කාණ්ඩයට එංගලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් ඇතුළත්.

පළමු වටයේ දී  A කාණ්ඩයේ පෙරමුණ ගන්නා රට සහ B කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගන්නා රට ද සුපිරි 12 වටයේ දී පළමු කාණ්ඩයටම ඇතුළත් වනු ඇති.

සුපිරි 12 වටයේ දෙවැනි කාණ්ඩයට ඇතුළත් රටවල් වන්නේ ඉන්දියාව, පාකිස්තානය, නවසීලන්තය, ඇෆ්ඝනිස්තානය යන රටවල්.

පළමු වටයේ දී  A කාණ්ඩයේ දෙවැනි ස්ථානය දිනා ගන්නා රට සහ B කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගන්නා රට ද සුපිරි 12 වටයේ දී දෙවැනි කාණ්ඩයට ඇතුළත් වන බව අයි.සී.සීය සදහන් කළා.

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක අයිතිය ඉන්දීය ක්‍රිකට් ආයතනයට හිමිව ඇති නමුත්, තරගාවලිය පැවැත්වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි, සාජා හා අබුඩාබි යන ක්‍රීඩාංගනවලදී හා ඕමානයේ ක්‍රිකට් ඇකඩමි ක්‍රීඩාංගනයේ දී යි.

ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා පැවැත්වීමට නියමිත 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ තරග කාලසටහන ඉදිරීයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

The groupings:

Round 1

Group A: Sri Lanka, Ireland, the Netherlands and Namibia
Group B: Bangladesh, Scotland, Papua New Guinea and Oman

Super 12s

Group 1: England, Australia, South Africa, West Indies, A1 and B2.
Group 2: India, Pakistan, New Zealand, Afghanistan, A2 and B1.

Leave a comment