Ultimate magazine theme for WordPress.

T20 අවසන් මහා තරගයටත් ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක්

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ තරග නිළධාරීන් පත් කර තිබෙනවා.

එම නිළධාරීන් අතරට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙකු ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

ඒ අනුව අවසන් මහා තරගයේ තරග තීරකවරයා ලෙස රංජන් මඩුගල්ල මහතා කටයුතු කිරීමට නියමිතයි.

ප්‍රධාන විනිසුරුවන් දෙදෙනා වන්නේ Marais Erasmus හා Richard Kettleborough.

තෙවන විනිසුරු ලෙස Nitin Menon පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන මහතා පත් කර ඇත්තේ තරගයේ සිව්වැනි විනිසුරු ලෙසයි.

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ලබන 14 වැනිදා නවසීලන්තය හා ඔස්ට්‍රේලියාව අතර ඩුබායි හී දී පැවැත්වීමට නියමිතයි.

Match Officials for the final:

Match Referee: Ranjan Madugalle
On-field umpires: Marais Erasmus and Richard Kettleborough
TV umpire: Nitin Menon
Fourth umpire: Kumar Dharmasena

Leave a comment